- උපසපන් වී වස් සියයක් ගත වූ භික්ෂුණියක් වුවද එදිනම උපසපන් වූ භික්ෂුවට ගරු සැලකිලි දැක්විය යුතුය.
- භික්ෂූන් නැති ප්‍ර දේශවල භික්ෂුණීය වස් නොවිසිය යුතය
- භික්ෂූණිය හැම අඩ මසකට වරක් භික්ෂු සංඝයා වෙතින් අවවාද අනුශාසනා ලැබිය යුතුය
- වස් අවසානයේ භික්ෂුණිය විසින් පවාරණය සිදු කළ යුත්තේ භික්ෂූ භික්ෂූණි දෙපිරිසම ඉදිරියේය.
- භික්ෂූණියක් අතින්(ගරුක ආපත්ති) දැඩි වරදක් සිදු වූ විට භික්ෂු භික්ෂුණි දෙපිරිසට ගරු කිරීම් වශයෙන් දින පහළොවක් විශේෂ (මානත) සමාදන් ව විසිය යුතුය.
- සාමණේරිය උපසම්පදාව ලැබිය යුත්තේ සික්ඛමානවක වශයෙන් දෑ අවුරැද්දක් පුහුණුව ලැබීමෙන් පසුවය
- භික්ෂූණිය කුමන කරැණක් නිසාවත් භික්ෂුවට අවමන් නොකළ යුතුය
- භික්ෂුණිය භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂූන් විසින් දෙනු ලබන අවවාද පිළිපැදිය යුතුය
Saturday, January 11, 2014
ගරු ධර්ම ගැන ඔබ දැනුවත්ද? What is ashta garu dharma
බුදුන් වහන්සේ භික්ෂූණි ශාසනය පිහිටුවාලීමට නම් භික්ෂුණියක් මෙම කරුණු අට පිළිපදීන්නට අවශ්‍යයැයි පවසා... මෙම ගරු ධර්ම අට ආනන්ද හිමි ඉදිරියෙහි දේශනා කළ සේක...
Subscribe to:
Posts (Atom)