Pages

Sunday, April 7, 2013

චතුරාර්ය සත්‍ය chathurarya sathya

බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවහි සදහන් වන චතුරාර්ය සත්‍යය බුදු දහමේ මූලික හරයයි. එහිදි චතුරාර්ය සත්‍ය යනු කුමක්දැයි, අපි අද ඉගෙන ගනිමු..........



චතුර් යනු හතරයි ආර්ය යනු උතුම්  යන අර්ථයයි. සත්‍ය යනු ඇත්තයි. එනම් උතුම් වූ සත්‍ය හතර යනුයි....මෙහි අරුත.....

  1. දුක්ඛාර්ය සත්‍යය - දුක
  2. දුක්ඛ සමුදාය ආර්ය සත්‍යය - දුක ඇතිවීමේ හේතුව
  3. දුක්ඛ ‍නිරෝධාර්ය සත්‍යය - දුකෙන් නිදහස් වීම
  4. දුක්‍ඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදා ආර්ය සත්‍යය- දුකෙන් නිදහස් වීමේ මාර්ගය 

හරි දැන් මේ පිළිබද අපි එකින් එක විග්‍රහ කර බලමු.......

දුක්‍ඛාර්ය සත්‍යය

මෙහෙමයි බුදුන් වහන්සේ දේශනා කළ ධම්සක් පැවතුම් සූත්‍රයේ හදුන්වා තියෙන්නේ.

ඉදං ඛො පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං, ජාතිපිදුක්ඛා , ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා , මරණම්පි දුක්ඛං , අප්පියේහි සම්පයොග දුක්ඛා, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡිං නලභති තමපි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදානක්ඛාන්ධා දුක්ඛා

ඒක අපි මෙහෙම තේරුම් ගමුකෝ....................

මහණෙනි, මේ වනාහි දු:ඛාර්ය සත්‍යයයි, ජාතිය දුකයි, ජරාව ද දුකයි, ව්‍යාධියද දුකයි, මරණයද දුකයි, අප්‍රිය සම්ප්‍රයෝගය ද දුකයි. ප්‍රිය විප්‍රයෝගය ද දුකයි. ය‍මක් කැමති නම් එය නොලැබීමත් දුකයි. සැකෙවින් උපාදානස්කන්ධයෝ පස් දෙන ම දුක්හු වෙති.

ඔන්න ඔහොමයි අපිට දුක්ඛාර්ය සත්‍යය කියලා දෙන‍්නේ...........

මේ දුක්ඛාර්ය සත්‍යය කොටස් තුනකට ගෙන හැර දක්වන්න පුළුවන්.... ඒ තමයි..
  1. දු:ඛ දු:ඛතා
  2. විපරිනාම දු:ඛතා
  3. සංස්කාර දු:ඛතා
අපි ඊළග ලිපියෙන් බලමු මොනවාද මේ දුක්ඛාර්ය සත්‍ය කියන්නේ කියලා.......................

4 comments: