Pages

Saturday, January 11, 2014

ගරු ධර්ම ගැන ඔබ දැනුවත්ද? What is ashta garu dharma

බුදුන් වහන්සේ භික්ෂූණි ශාසනය පිහිටුවාලීමට නම් භික්ෂුණියක් මෙම කරුණු අට පිළිපදීන්නට අවශ්‍යයැයි පවසා... මෙම ගරු ධර්ම අට ආනන්ද හිමි ඉදිරියෙහි දේශනා කළ සේක...

  1. උපසපන් වී වස් සියයක් ගත වූ භික්ෂුණියක් වුවද එදිනම උපසපන් වූ භික්ෂුවට ගරු සැලකිලි දැක්විය යුතුය.
  2. භික්ෂූන් නැති ප්‍ර දේශවල භික්ෂුණීය වස් නොවිසිය යුතය
  3. භික්ෂූණිය හැම අඩ මසකට වරක් භික්ෂු සංඝයා වෙතින් අවවාද අනුශාසනා ලැබිය යුතුය
  4. වස් අවසානයේ භික්ෂුණිය විසින් පවාරණය සිදු කළ යුත්තේ භික්ෂූ භික්ෂූණි දෙපිරිසම ඉදිරියේය.
  5. භික්ෂූණියක් අතින්(ගරුක ආපත්ති) දැඩි වරදක් සිදු වූ විට භික්ෂු භික්ෂුණි දෙපිරිසට ගරු කිරීම් වශයෙන් දින පහළොවක් විශේෂ (මානත) සමාදන් ව විසිය යුතුය.
  6. සාමණේරිය උපසම්පදාව ලැබිය යුත්තේ සික්ඛමානවක වශයෙන් දෑ අවුරැද්දක් පුහුණුව ලැබීමෙන් පසුවය
  7. භික්ෂූණිය කුමන කරැණක් නිසාවත් භික්ෂුවට අවමන් නොකළ යුතුය
  8. භික්ෂුණිය භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂූන් විසින් දෙනු ලබන අවවාද පිළිපැදිය යුතුය

Sunday, April 7, 2013

චතුරාර්ය සත්‍ය chathurarya sathya

බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවහි සදහන් වන චතුරාර්ය සත්‍යය බුදු දහමේ මූලික හරයයි. එහිදි චතුරාර්ය සත්‍ය යනු කුමක්දැයි, අපි අද ඉගෙන ගනිමු..........

Monday, March 18, 2013

දහම් කරුණු (1)

1.  භාරත සමාජය බෙදා තිබූ කුල
  • බ්‍රාහ්මණ
  • ක්ෂත්‍රිය
  • වෛශ්‍ය
  • ශුද්‍ර
2. බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව ආශ්‍රව ධර්ම
  • බ්‍රහ්මචාරි(ශිෂ්‍ය අවධිය)
  • ගෘහස්ථ (තරුණ අවධිය)
  • වාන ප්‍රස්ථ (වෘද්ධි අවධිය)
  • සන්‍යාසි (අවසාන අවධිය)